ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීමක්
Tuesday, 26 May 2020 - 13:30 | Views - 1,383
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත්වීමක් අද දක්නට ලැබුණු අතර, මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 188යි ශත 6ක් ලෙසයි.
ඒ අනුව මේ වසර තුළ දී රුපියලේ අගය සියයට 2.6කින් අව ප්‍රමාණ වී තිබෙනවා.
පසුගිය අප්‍රේල් 8 වන දා රුපියල සියයට 9.4කින් පමණ අවප්‍රමාණ වූයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 ඉක්මවමින්.
Share This Article