වසර 9කට පසු ඇමරිකාව, මිනිසුන් සහිත උඩු ගුවන් චාරිකාවකට සූදානම්
Tuesday, 26 May 2020 - 11:43 | Views - 474
කාලගුණයෙන් බාධාවක් ඇති නොවුණහොත් ඇමරිකාවේ මීළඟ අභ්‍යාවකාශ චාරිකාව සිදුකිරීමට සියළු පද්ධති සූදානම් බව නාසා ආයතනය සහ ස්පේස් - එක්ස් ආයතනය තහවුරු කළා.
ගගනගාමීන් දෙදෙනෙකු රැගත් කෲ - ඩ්‍රැගන් අභ්‍යාවකාශ යානය ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවෙන් නික්මීමට නියමිතව ඇත්තේ ඇමරිකානු වේලාවෙන් හෙට සන්ධ්‍යාවේ, එනම් ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා අලුයම් කාලයේදියි.
එමගින් අන්තර් ජාතික ගඟන මධ්‍යස්ථානය වෙත ගමන් කිරීමට සූදානම්ව සිටින්නේ ප්‍රවීන ඇමරිකානු ගඟනගාමීන් දෙදෙනෙක්.
වසර 9කට පසු ගගනගාමීන් රැගත් ඇමරිකානු අභ්‍යාවකාශ යානයක් මෙලෙස උඩු ගුවනට පිවිසෙන්නේ ප්‍රථම වතාවටයි.
Share This Article