අද සිට 100%ක් රට සාමාන්‍යකරණයට ලක් වන්නේ නැහැ
Tuesday, 26 May 2020 - 10:46 | Views - 668
අද (26) සිට 100 % ක් රට සාමාන්‍යකරණයට ලක් නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරනවා.

ආයතනවල සේවක මණ්ඩලයේ සියලු දෙනා සේවයට වාර්තා කළ යුතු බවට අනිවාර්ය කිරීමක් සිදුකර නොමැති බවත් සීමා කර සේවයට කැඳවීමේ හැකියාව ආයතන ප්‍රධානීන් සතුව පවතින බවත් ඔහු කියා සිටිනවා.

ඒ අනුව තව දුරටත් සියලුම ආයතන වල සේවය කරන සංඛ්‍යාව සීමා කර පවත්වා ගැනීම කල හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

එසේ සීමා කර කාර්යමණ්ඩලය කැඳවීමේ ක්‍රමවේදය නැවැත්වීමට උපදෙස් නිකුත්කර නොමැති බවයි ඔහු සිහිපත් කරන්නේ.

එබැවින් සේවාව සඳහා අවශ්‍ය වන්නේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් තුනෙන් එකක්ද, නොඑසේ නම් අඩක්ද යන්න තීරණ්ය කර එම සංඛ්‍යාවෙන් තව දුරටත් සේවා පවත්වා ගැනීමේ හැකියාව පවතින බවද ඔහු අවධාරණය කරනවා.

"මෙම ක්‍රියාවලියෙන් බලාපොරොත්තු වන්නේ යම් ලෙසකින් හෝ වරස ව්‍යාප්තිය සිදු වීම පාලනය කිරීමක්.

කොළඹ යනු ජන ඝනත්වය වැඩිම ප්‍රදේශයයි. දෙවැනියට ගම්පහ දිස්ත්‍රික්කයයි. ප්‍රධාන නගරයද කොළඹයි.

එබැවින් මෙම ප්‍රදේශ විශේෂයෙන් ආරක්ෂා කර ගැනීමේ පියවර ගත යුතුය. මේ අතර නාවික හමුදා කොවිඩ් පොකුර(Cluster) තව දුරටත් මේ ප්‍රදේශයේ සහ වෙනත් ප්‍රදේශ වල සක්‍රීයව පවතී. එසේම ගුවන් තොටුපල යම් ප්‍රමාණයකට ක්‍රියාකාරීව පවතී.

රජය ගන්නා ක්‍රියාමාර්ග නිසා නාවික පොකුරේ හා විදේශවල සිට පැමිණෙන අයගෙන් සිදුවන වෛරස ව්‍යාප්තිය දැඩිව සීමා කළද යම් අනතුරක් පැවතීමට හැකිවේ.

මේ සියල්ල පිළිබඳව වගකීමෙන් සිතා බලා සීමා ලිහිල් කළ යුතුය."

ඒ ගැන අවධානය ගිලිහී යාම කිසි විටක සිදුවිය නොහැකි බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තව දුරටත් පෙන්වා දෙනවා.

"රට, 26 වනදා සිට 100% සාමාන්‍යකරණයට ලක් නොවේ.එහෙත් අපේ උත්සහය එම ඉලක්කයට ගමන් කිරීමටයි. එතෙක් තව දුරටත් සීමා කිරීම් පවත්වා ගැනීමේ හැකියාව ඇත .‍යම් කාල සීමාවකින් පසුව රට සම්පූර්ණයෙන් විවෘත කිරීමෙන් අනතුරුව සහ ඊට පෙරත් සෑම ආයතනයක්ම , සැම පුද්ගලයෙකුම රැකිය යුතු ප්‍රධාන කරුණු තුනක් පවතී.ඒවා නම් ශ්වසන ආචාරශීලීතාව,දෑත්සුපිරිසිදුව තබා ගැනීම සහ පුද්ගලික /සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමයි.එය කොවිඩ් -19 වලක්වාගැනීමට අත්‍යවශ්‍ය කටයුතුය. "

මේවා ක්‍රමයෙන් පුහුණු වන තුරු එක් වරම ආයතනයේ සියලු දෙනා සේවයට කැඳවීම සුදුසු නොවන බව පවසන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා සීමා සහිතව සේවක මණ්ඩලය කැඳවීමේ හැකියාව ආයතන ප්‍රධානින් සතු බවද සිහිපත් කරනවා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top