සුරූපි මේගන් ෆොක්ස්ගේ දසවසරක විවාහය අවසන් වෙයි?
Tuesday, 26 May 2020 - 10:18 | Views - 728
ට්‍රාන්ස්ෆෝමර්ස් ඇතුළු අතිශය ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට රැසක් සඳහා රංගනයෙන් දායක වූ සුරූපි මේගන් ෆොක්ස් මේ වනවිට වසර දහයක සිය විවාහය අවසන් වූ බවට සඳහන් කර සිටියි.
මීට වසර දහයකට පෙර විවාහ වූ මේගන් හා බ්‍රයන් ඔස්ටින් දෙදෙනාට දාව මේ වනවිට දරුවන් තිදෙනෙකු සිටින බවද සඳහන් වේ.
කෙසේ වෙතත්, බ්‍රයන් මේගන්ගේ සමකාලීන රංගන ශිල්පිනියක් සමගින් රහස් ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීම මෙසේ ඔවුන් දෙදෙනා අතර විවාහ දෙදෙරා යාමට හේතුව වී ඇත.
පසුගියදා නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාකරුවෙකු මේගන්ගෙන් කළ විමසීමකදී පවසා තිබුණේ තමාත් බ්‍රයන් අතර මේ වනවිට ඇත්තේ මිතුදමක් පමණක් බවය.
Share This Article