හත් හැවිරිදි දැරියක දූෂණය කළ චූදිතට බරපතළ වැඩ සහිත සිරදඬුවම්
Tuesday, 26 May 2020 - 9:27 | Views - 759
7 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජන සිදුකළ පුද්ගලයෙකු බරපතල වැඩ ඇති සිර දඬුවමකට, රුපියල් 25000 ක දඩයකට හා ලක්ෂ 2 ක වන්දි ගෙවීමකට යටත් කිරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා 22දා නියෝග කළේය.

විත්තිකරු බලන්ගොඩ පදිංචි දෙසක්කර මුදියන්සේලාගේ දිසානායක නමැති අයෙකි. 2009-03-04 වන දින බලන්ගොඩදී වයස අවුරුදු 7ක දැරියක් රවටා පාලූ‍ නිවෙසකට කැඳවා ගෙනගොස් ඇයට බරපතල

ලිංගික අපයෝජනයක් සිදුකළැයි රත්නපුර මහාධිකරණ ය හමුවේ අධිචෝදනා ලැබ සිටියේය. චූදීත අධි චෝදනාවට නිවැරදිකරු යැයි පවසන ලදුව දීර්ඝ ලෙස නඩුව විභාග කරන ලදුව අවසානයේ පැමිණිල්ලේ සාක්ෂි ඔප්පු වීම මත විත්තිකරු චෝදනාවට වැරදිකරු බවට විනිසුරු තීරණය කළේය.

දැරිය අපයෝජනයට ලක් කරන අවස්ථාවේ 29 වියේ පසු වූ චූදිත 7 හැවිරිදි වියේ සිටි දැරියට ආරක්ෂාව ලබා දිය යුතුව සිටියදී ඒ වෙනුවට ඇය රවටා පාලූ‍ නිවසකට රැුගෙන ගොස් අපයෝජනය කිරීම නිසා ඇති වුන මානසික පීඩනය බලපාන්නේ එම දැරියට පමණක් නොව දෙමාපියන්ට පවා එම පීඩනය බලපාන බවත් චුදිතට වැඩි දඬුවමක් පනවන ලෙස ඉල්ලමින් කරුණු දැක්වූ පැමිණිල්ලේ රජයේ අධි නීතීඥ සමදරී ජයසේන මහත්මිය අධිකරණයට සඳහන් කළාය.

අපගේ නීති පද්ධතිය තුළින් දරුවන්ට හා කාන්තාවන්ගේ ආරක්ෂාවට පනවා ඇති නීති නොතකා කටයුතු කිරීමෙන් සමාජය තුළ වැරදි කතිකාවතක් ඇති විය හැකි නිසා චූදිතට ලිහිල් දඬුවමක් පැනවිය නොහැකි බවද විනිසුරු පැවසුවේය. චූදිතට පැනවූ රුපියල් 25000 දඩය නොගෙවන්නේනම් ඔහු සාමාන්‍ය වැඩ ඇති මාස 6ක සහ වන්දි මුදල නොගෙවුවහොත් වසර 1ක සිර දඬුවම්වලට යටත් වේ.

රත්නපුර විශේෂ තිලකසිරි දෑල බණ්ඩාර
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top