තිදරු මවකගේ දිවි උදුරාගත් බඹර ප්‍රහාරය
Monday, 25 May 2020 - 12:36 | Views - 576
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව හැටන් පොලිසිය පවසනවා.
අද (25) පෙරවරුවේ මෙම බඹර ප්‍රහාරය එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.
වතු කම්කරුවන් පිරිසක් හැටන්, දික්ඔය තේ වත්තේ තේ දළු නෙලමින් සිටියදී ගසක් මත බැද තිබූ බඹර කුඩුවකට උකුස්සෙකු පහරදීමෙන් අනතුරුව එහි බඹරුන් ඇවිස්සී එම වතු කම්කරුවන් පිරිසට පහර දී තිබෙනවා.
බඹර ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හැටන් - ඇබොස්ලි වතුයායේ පදිංචිව සිටි 48 හැවිරිදි තිදරු මවක්.
අප වාර්තාකරු පැවසුවේ ප්‍රහාරයෙන් බරපතල තත්ත්වයේ පසුවූ කාන්තාවන් හයක් සහ තවත් දෙදෙනෙකු දික්ඔය මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවයි.
Share This Article