ලේ නෑයන් අතර සිදුවන සම්බන්ධතා ඔවුන්ගේ දරුවන්ට අහිතකර ලෙස බලපාන්න කෙතරම් කිට්ටු නෑකමක් තිබිය යුතුද?
Thursday, 16 March 2017 - 12:03 | Views - 6,839

ප්රවේණි හා අභිජනනය ගැන අප බොහෝ දෙනෙකු දන්නා කාරණාවක් නම්, ඒ තමයි ළඟම ඥාතීන් අතර විවාහයෙන් හෝ සම්බන්ධයෙන් දරුවන් ඉපදවීම නොකළ යුතු බව. මේ සම්බන්ධව යම් යම් සදාචාරාත්මක තහංචිද නැතුව නොවේ. එසේ නැතත්, කිට්ටු ඥාතීන් අතර සංවාසයෙන් ඇතිවිය හැකි ජානමය දුර්වලතා ගැන බොහෝ දෙනෙකු තුළ බිය පවතී.
ලේ නෑයන් අතර සම්බන්ධයකින් බිහිවන දරුවන්ට ඇතිවිය හැකි දුබලතා මොනවාද?
හෙමොෆීලියා(Hemophilia) හෙවත් ප්‍රවේණිගත ලේ කැටිගැසීමේ ආබාධය
මේ රෝගය යුරෝපයේ රජ පවුල් පෙළපත් හා සම්බන්ධකමක් ඇති බවට ජනප්‍රිය මතයක් පවතී. ඊට හේතු වන්නට ඇත්තේ රාජකීයන් බොහෝ විට කිට්ටු නෑයන් අතර විවාහවලට පෙළඹීම විය හැක. මෙය රාජකීයන්ට ආවේනික වුවක් නොවන අතර සත්තකින්ම කිට්ටු නෑයන් අතර විවාහයන්ටද සම්බන්ධයක් නොදක්වයි.
සැබැවින්ම ලේ නෑයන් එනම් එකම සීයා කෙනෙකු සිටින නෑයන් මේ ගණයට වැටෙන බව සැලකිය හැකිය.
සීයාගේ පියා / අම්මාගෙන් හෝ සීයාගේ සීයා / ආච්චීගෙන් පැවත එන්නන් සමහර විට මේ ගණයට ඇතුළු නොවන තරමට දුරයි සිතිය හැකි නමුත් කෙසේවෙතත් එකම සීයා කෙනෙකු හෝ ආච්චි කෙනෙකු සිටින මුණුපුරු මිණිපිරියන් අයත් වන්නේ ලේ නෑයන් ගණයටයි.
1965 පටන් දශක තුනකට වැඩි කාලයක් තුළ පර්යේෂණ වාර්තා පෙන්නුම් කරන්නේ ‘දෙවැනි හෝ තෙවැනි පරපුරේ නෑයන් අතර විවාහ හුදෙක් වැදගත් වන්නේ සම්ප්‍රදායන්ට මිස විද්‍යාත්මක සාධකවලට නොවන බවයි.
ජානමය උපදේශන සඟරාවේ (Journal of Genetic Counseling) පළ වු තොරතුරු අනුව ඇවැස්ස ඥාති සොහොයුරු සොහොයුරියන් එක්වීමෙන් ලබන ළමයි සහ කිසිම ඥාති සබඳතාවක් නොමැති යුවළකට ලැබෙන ළමයි හා සසඳන විට මුහුණපාන්නේ මදක් වැඩි අවදානමකට පමණක් බවයි.
කෝෂඨ තන්තුවතාව (cystic fibrosis)
සම්බන්ධක පටක ඝනවීමෙන් ශ්වසන ගැටලු ඇති කරන රෝග තත්ත්වයක් වන මෙම තත්වය ඇතිව දරුවෙකු ඉපදීමේ නිදසුන ගත්තොත් එවැනි දරුවෙකු ඉපදීමේ හැකියාව මුළු ජනගහණයට අදාළව 3-4%ක් වේ. ඥාති සොහොයුරු සොහොයුරියන් එකතුවකට ලැබෙන දරුවෙකුට මේ අවදානම වැඩිවන්නේ තවත් 1.7% සිට 2.8% දක්වා ප්රමාණයකිනි. මෙය අවදානම දෙගුණවීමක් සේ පෙනුනත් එය එතරම් ලොකු අවදානමක් නොවේ.
කෙසේ වෙතත්, ඒවැනි නෑයන්ට වඩා ළඟ සමීපකමක් තිබෙන්නන් අතර ලිංගික එකතුවීමකින් පිළිසිදගැනීමක් නොසිදුවිය යුතු බව පර්යේෂකයෝ අවධාරණය කරති. එවැනි සබඳතා හඳුන්වන්නේ ව්‍යාභිචාරය යන්නයි. ඊට අයත්වන්නේ දෙමාපිය දරු සබඳතා හා සොයුරු සොයුරියන් අතර එක්වීමයි.
පරිණාමවාදයේ පියා ලෙස සැලකෙන චාල්ස් ඩාවින් සිය ඥාති සොයුරියක් වන එමා වෙජ්වුඩ් සමග විවාහ වු අතර දෙපොළට නිරෝගී දරුවන් කිහිප දෙනෙක්ම වූහ..
ඥාති සොයුරියන් යනු සම්පූර්ණ වෙනස් කතාවක් බව සොයුරියන් සොයුරන් අතර විවාහ පිළිබඳව ඉතිහාසයේ දීර්ඝ කාලයක් තිස්සේ සටහන් වන වාර්තාවලින් පෙනේ.
Share This Article