ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථාවත් කිරීම අද සිට
Monday, 11 May 2020 - 8:10 | Views - 651
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද (11) උදෑසන 5.00ට ඉවත් කෙරුණා.

කෙසේ වෙතත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද (11) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අළුයම 5.00 දක්වා පමණයි.

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් පැවතිය ද ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථාවත් කිරීම අද (11) සිට ආරම්භ කෙරෙනවා.

ඒ අනුව දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල පිහිටි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යාල අද (11) සිට විවෘත කිරිමට නියමිතයි.

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පසුගිය මාර්තු 20 වනදා සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top