කොළඹට සහ ගම්පහට තවදුරටත් ඇඳිරි නීතිය
Monday, 11 May 2020 - 8:02 | Views - 805
මැයි මාසයට අදාළව රුපියල් 5000 දීමනාව ගෙවීම අද ආරම්භ කෙරෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ මේ මස 15 වනදා දක්වා නිවෙස්වලට ගොස් එම දීමනාව ගෙවන ලෙස ග්‍රාම නිලධාරීවරුන්ට උපදෙස් දී ඇති බවයි.

මේ යටතේ වැඩිහිටි, ආබාධිත, වකුගඩු රෝගීන් සඳහා දීමනා මෙන්ම ගොවි විශ්‍රාම වැටුප, ධීවර විශ්‍රාම වැටුප සඳහා හිමිකම් ලැබූ පුද්ගලයින්ට රුපියල් 5000ක දීමනාව ලබාදෙනු ඇති.

මේ අතර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් රාජ්‍ය සේවකයින්ගේ මේ මස වැටුප හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන ලෙසට කළ ඉල්ලීම සම්බන්ධයෙන් ලංකා ගුරු සේවා සංගමය සහ සංවර්ධන නිලධාරී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

කළුතර සහ පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද සිට නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා පමණයි.

කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තිබියදී අඩපණ වූ ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම අද සිට ආරම්භ වනවා. කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ මාස එක හමාරකට ආසන්න කාලයක් රට අඩපණව පැවතියා.

කෙසේ වෙතත්, අද සිට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතරම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජකාරී ආරම්භ කිරීම, ප්‍රවාහන සේවය සහ වෙළඳ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් උපදේශන ඇතුළත් නිවේදනයක් පොලිස්පතිවරයා විසින් ඊයේ නිකුත් කර තිබුණා.

එහි දැක්වුණේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන අද සිට විවෘත කිරීමේදී අත්‍යාවශ්‍ය සේවකයන් පමණක් කැඳවිය යුතු අතර, ඔවුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද දැඩි ලෙස අනුගමනය කරමින් සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් රැකියා කළ යුතු බවයි.

එමෙන්ම, රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සෑම සේවකයෙකු සතුවම තමන් යම් ආයතනයක සේවය කරන බවට සනාථ කරන ලේඛනයක් තිබීම අනිවාර්ය බවයි ඔහු කියා සිටියේ.

සතිපොළ, දින පොළ, කාය වර්ධන මධ්‍යස්ථාන, සම්බාහන මධ්‍යස්ථාන, සමාජශාලා, අවන්හල් සහ පිසූ ආහාර අලෙවිසැල් අද සිට විවෘත කිරීම සඳහා අවස්ථාව හිමි නොවන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

එමෙන්ම, පෞද්ගලික සෞඛ්‍ය මධ්‍යස්ථාන, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇති නිර්ණායකවලට අනුව අද විවෘත කළ හැකි බවයි ඔහු කියා සිටියේ.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්කවල අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ මිලදී ගැනීම සඳහා අද දිනයේ ගමන් කළ හැක්කේ ජාතික හැඳුනුම්පතේ අවසාන අංකය එක සහ දෙක සඳහන් පුද්ගලයින්ට පමණයි.

සියළු අධිවේගී මාර්ග අද උදෑසන 7 සිට විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුළුවගේ ප්‍රකාශ කළා.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top