පෙබරවාරි මස ගෙවපු විදුලි බිලට සමාන බිලක් ගෙවන්න , ඊට වඩා ගෙවන්න අවශ්‍ය තාවයක් නැහැ
Sunday, 10 May 2020 - 18:46 | Views - 1,701
විදුලි බිල් නිකුත් කිරීමේදී මණ්ඩලයේ සමහර අංශවල අතපසු වීමක් නිසා වැරදි ලෙස  විදුලි බිල් ගිය බවට පැමිණිලි ලැබි තිබෙන බවත් එම නිසා එම වැරැද්ද නිවැරදි කරන ලෙස තමන් වහාම නියෝග කළ බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
 
අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කියා සිටියේ අද (10) පෙරවරුවේ අම්බලන්තොට හුංගම නගරයේ පැවති උත්සවයකදී මාධ්‍යට අදහස්  දක්වමින්.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා:
 
'' අපි විදුලි පාරිබෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ පෙබරවාරි මස ගෙවපු විදුලි බිලට සමාන බිලක් ගෙවන ලෙසත් ඊට වඩා  ගෙවන්න අවශ්‍ය තාවයක් නොමැති බවයි පසුව අපි ඒ ගෙවීම් නියමිත පරිදි කරන්න අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම යම් ආකාරයක ගෙවීමක් කරලා තියෙනවානම් ඒ අයට  ඉදිරි කාලයේදී ඒ මුදල අඩුකිරීමට කටයුතු කරනවා  ඒ වගේම මණ්ඩලයත් මුදල් අවශ්‍ය තාවය තියෙනවා ඒ නිසා හැමෝම විදුලි බිල ගෙවන්නත් කටයුතු කරන්න කියල අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ''
 
"ඒ වගේම පොදු ප්‍රවාහන සේවය සදහා දුම්රිය හෝ බස් රථ ලබාදීමට දැනට බලා  පොරොත්තුවක් නැ නමුත් තත්වය යහපත් අතට හැරුනොත් යම්  ප්‍රමානයක් අඩුම ගානේ සිට් ගානටවත් ගෙනියන්න අවසරය ලබා ගන්න පුළුවන් කම ලැබෙයි කියලා බලා  පොරොත්තු වෙන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියා."
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top