මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 855 දක්වා ඉහළට
Sunday, 10 May 2020 - 18:34 | Views - 701
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 855 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ, අද දිනයේදී තවත් රෝගීන් 8 දෙනෙකු තහවුරුවීමත් සමගයි.
ඔවුන් අතරින් හය දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර සෙසු දෙදෙනා ඩුබායි සිට පැමිණි අය බව ද සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියා.
එමෙන්ම වෛද්‍ය අධීක්ෂණය යටතේ තවත් පුද්ගලයින් 525 දෙනෙකු සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒ්කකය කියා සදහන් කළේ.
මේ දක්වා කොරෝනා ආසාදනයව පූර්ණ සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 321 ක්.
Share This Article