ජන ජීවිතය යථා තත්ත්වයට පත්වුවද පාසල් සහ උපකාරක පන්ති තවදුරටත් වසා තැබේ
Sunday, 10 May 2020 - 15:12 | Views - 2,557
කොරෝනා වෛරසය පාලනය කොට ක්‍රමක්‍රමයෙන් හෙට සිට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන ආරම්භ වුවද තවදුරටත් පාසල් සහ උපකාරක පන්ති වසා තබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා වෛරසය පාලනය කිරීම අතින්, ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් බවයි. ඊට වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය අංශත් ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය මෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු සියළුම පිරිස් මේ තාක් ඉටු කළ මෙහෙවර ගැන සැබවින්ම ආඩම්බර විය යුතු බව ද එම නිවේදනයේ සඳහන්.
කෙසේ වෙතත්, අවශ්‍ය වුවහොත් පෙර මෙන්ම යම් ප්‍රදේශ හුදෙකලා කිරීම, පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය පැනවීම යනාදිය සිදුකිරීමට ඉඩ ඇති බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියා සිටියේ.
Share This Article