දවසට ගෑණු හතර පහක් ආශ්‍රය කරනවා- ගන්න පඩියම ස්පාවලට ඉවරයි
Sunday, 10 May 2020 - 15:09 | Views - 5,739
වස්සානය සිහිනෙන් පමණක් දකින මහා නියඟයක්. එවන් නියඟයක් අවසානයේ එළඹෙන වස්සානේ පහස විඳින්න කවුද අකැමැති... හැබැයි හිරිපොදක් අවසානය, වස්සානයක්ම නෙවෙයි. සමහරවිට ගිගිරුමක්.. එවැනි පුපුරා හැලෙන ගිගුම් මැද ගෙවුණු ජීවිතයක තවත් එක් කාල පරිච්ඡේදයක්..
 
එහෙම නම් හැඟුම් ගණුදෙනුවට පෙර තව වරක් හිතන්න.....

සෑම බදාදා දිනකම රාත්‍රී 10.30 ට හිරු ටීවී තුළින් හැඟුම් ගණුදෙනුවට පෙර රූම් අතර කාමරේ "Room No 33" ලිංගික සෞඛ්‍ය යහපත් කරවීමට සමාජයේ ගැහැණුන් සහ පිරිමින් උදෙසා ලිංගාශ්‍රිත රෝග පිළිබඳව දැනුවත් කරන හරවත් ටෙලිවිෂන් සායනයේ 112 වන කථාංගය මෙසේ දිගහැරෙන වගයි.....

අපේ කතාවේ කතා නායකයා ජයන්ත. ජයන්ත මැදි වයසේ කෙනෙක් උනත් ඔහුට තිබුණා තරුණ හිතක්.

කාර්යාලයක් ඇතුළේ ලිපිගොනු අස්සෙ තනිවුණත්.. ඔහු නිතරම වෙනස් විදිහේ ජීවිතයක් හෙව්වා.
 
ජයන්තගේ ආදරණීය බිරිය වුණේ ඉරේෂා. විවාහ වුණු අලුත ආදරයෙන් උන්නා වුණත් මේ දේවල් වෙනස් වෙන්න වැඩි කාල වේලාවක් යන්නේ නැහැ.
 
ඒ මොකද ජයන්ත බිරිඳගෙන් නොලැබුණූ දෙයක් සම්බාහන මධ්‍යස්ථානවල තරුණියන්ගෙන් හොයන්න පටන් ගත්තු නිසා.
 
ඔය අතරේ තමයි ජයන්තගේ නැතිවුණු මුදල් පසුම්බිය මාර්ගයෙන් "ප්‍රියන්ති" කියන කාන්තාවව ජයන්තට මුණ ගැහෙන්නේ. මේ අහඹු හමුව පෙම් සම්බන්ධතාවයක් දක්වා දුරදිග යන්න, වැඩි කාලයක් ගත වෙන්නෙ නැහැ.
 
ඉරේෂාටත් මේ ගැන ඉව වැටුණා වුණත්, "ජයන්ත වැරදිකාරයෙක්" විදිහට හංවඩු ගහන්න ඉරේෂාට හැකියාවක් ලැබුණේ නැහැ.
 
ඒත්... ජයන්තගේ මේ අනියම් සම්බන්ධතාවය ට වැඩි ආයුෂ තිබුණේ නැහැ. ක්‍රමයෙන් තමන්ගේ ශරීරය වෙනස් වෙන්න පටන් ගනිද්දී, ප්‍රියන්ති නිසා තමන් සමාජ රෝගයකට ගොදුරු වෙලා බව ජයන්ත දැනගන්නවා.

අතරමඟදි හමුවී අතරමඟදි වෙන්වී යන මිනිසුන් අතරේ මේ තවත් එක් හමුවීමක් පමණී.
 
මේ හමුවීම සහ සමුගැනීම අතර ඔහුට සිදුවූ ඒ ඛේදනීය ඉරණම හෙට දවසේ ඔබට සිදුනොවීමට මේ හෝරාව දෙස දෑස් හැර බලන්න.
 
ජයන්තගේ ජීවිතයේ ඉදිරියට වෙන දේ පහත වීඩියෝවෙන්.......

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top