පොදු ප්‍රවාහන සේවා සති දෙකක් යනතුරු සාමාන්‍ය ජනතාවට නැහැ
Sunday, 10 May 2020 - 13:23 | Views - 647
ඇඳිරි නීතිය ලිහිල් කර පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ රාජකාරි කටයුතු සීමාවන් අනුව ආරම්භ කළද සති දෙකක් යනතුරු සාමාන්‍ය ජනතාවට පොදු ප්‍රවාහන පහසුකම් සැපයීමට කටයුතු නොකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීරට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අමාත්‍යවරයා ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් කරුණු විමසූ අවස්ථාවේදියි.

කොරෝනා වෛරසය පැතිරීම පාලනය සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය හෙට ලිහිල් කෙරුණද සාමාන්‍ය ජනතාව අත්‍යාවශ්‍ය නොවන කටයුතු සඳහා යොමු විය හැකි බැවින් මෙම උපදෙස් ලබාදී ඇති බව සඳහන්.

ඒ අනුව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය විසින් ලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ප්‍රවාහන පහසුකම් සපයන්නේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යාවශ්‍ය සේවාවන් සඳහා වාර්තා කරන කාර්ය මණ්ඩල සඳහා පමණයි.

එසේම දුම්රිය ආඥාපනත තදින්ම ක්‍රියාත්මක කරන අතර, දුම්රිය තුළ හෝ දුම්රිය මාර්ගයට කෙළ ගැසීමද දඩුවම් ලැබිය හැකි වරදක් බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ.

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබියදී රාජ්‍ය සහ පෞද්ගලික අංශවල කටයුතු ආරම්භ කිරීමට රජය කටයුතු කිරීමත් සමඟ කොළඹට පැමිණීම සඳහා දුම්රිය 10ක් යෙදවීමට කටයුතු කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සඳහන් කළා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top