රට යළි විවෘත කරනු ලබන්නේ ආර්ථික ක්‍රියාවලිය යථා තත්ත්වයට පත්කිරීමටයි
Sunday, 10 May 2020 - 13:21 | Views - 784
හෙට දිනයේ රට යළි විවෘත කරනු ලබන්නේ ආර්ථික ක්‍රියාවලිය යථා තත්ත්වයට පත් කිරීමට බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කළා.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කලේ මෙමඟින් අනවශ්‍ය ලෙස නගරවලට ජනතාව එක්රැස්වීම අපේක්ෂා නොකරන බවයි.

එමෙන්ම ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල රාජකාරි කටයුතු සඳහ පිටත්ව යන පිරිස හැර සෙසු මහජනතාවට නිවෙස්වලින් බැහැරව යා හැක්කේ රජය විසින් මේ වනවිට හඳුන්වාදී ඇති ජාතික හැඳුනුම්පතේ අවසන් අංකය අනුවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ රට විවෘත කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් ලෙස සළකා සිදුකළද කොරෝනා වසංගතය සම්පූර්ණයෙන්ම පාලනය වී නොමැති බව ජනතාව සිහිතබා ගත යුතු බවයි.

එමෙන්ම කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ සහ සෞඛ්‍ය අංශවල නිර්දේශ මත කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක ඇතුලුව මුළු දිවයිනම ආවරණය වන අයුරින් පොදු ස්ථාන විෂබීජහරණයට ලක් කිරීම මේ දිනවල සිදුවනවා.

ඊට සමගාමීව රසායනික දියර යෙදූ ජල බවුසර් සහ පොලිස් ජල ප්‍රහාරක රථ යොදාගනිමින් කොළඹ නගරයේ මැනිං වෙළඳපොල, මධ්‍යම බස් නැවතුම්පල, බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර පෞද්ගලික බස් නැවතුම්පල ඇතුලු ස්ථාන කිහිපියක් මේ වනවිට විෂබීජහරණය කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top