ෂී ජින්පින් සහ කිම් ජොං හඬපට හුවමාරුවක
Sunday, 10 May 2020 - 13:18 | Views - 754
චීන ජනාධිපති ෂී ජින් පින්, උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ හඬපට හුවමාරුවක නිරතවී සිටිනවා.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතයෙන් උතුරු කොරියාව ආාරක්ෂා කරගැනීම සඳහා සහය විය හැකි බවට චීන ජනාධිපතිවරයා මුලින්ම උතුරු කොරියානු නායකයා වෙත ලිපියක් යොමු කළා.

ඊට තුති පුදකරමින් උතුරු කොරියානු නායක කිම් ජොං අන් චීන නායකයා වෙත යොමුකර ඇත්තේ හඬ පටයක්.

ඊට පටිගත කළ සිය පණිවුඩයකින් ප්‍රතිචාර දැක්වීමට ජනාධිපති ෂී ජින් පින් කටයුතු කළ බවයි ෂිංහුවා ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ.

නායකයන් දෙදෙනා අතර මෙම සුහද සංවාදය, චීනය සහ උතුරු කොරියාව අතර ශක්තිමත් සාම්ප්‍රදායික මිතුරුදම් පිළිබිඹු කරන බවද එමඟින් වැඩිදුරටත් කියා සිටියා.

ජනාධිපති ෂී ජින් පින් ගේ නායකත්වය යටතේ චීන ජනතාවට කොවිඩ් 19 ගෝලීය වසංගතයට එරෙහි අවසන් ජයග්‍රහණය අත්කරගැනීමට හැකිව ඇති බවයි උතුරු කොරියානු නායක කිම් ජොං අන් සිය හඬ පටයෙන් දන්වා ඇත්තේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top