කොරෝනා වසංගතයට ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය නිවැරදි මාර්ගයේ - ලෝක සෞඛ්‍ය සංවිධානය
Sunday, 10 May 2020 - 13:15 | Views - 2,146
කොවිඞ් 19 ගෝලීය වසංගතයට ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය නිවැරදි මාර්ගයේ පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසනවා.
එමඟින් පෙන්වා දෙන්නේ මෙරට කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම, පරීක්ෂා කිරීම, හුදකලා කිරීම සහ ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය සාර්ථක අන්දමින් සිදුවන බවයි.
එමෙන්ම කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීමේ ක්‍රියාවලියේ පෙරමුණ ගෙන සිටින සෞඛ්‍ය සහ සෞඛ්‍ය නොවන කාර්යමණ්ඩලවල සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රමුඛත්වයක් දැක්විය යුතු බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ඇමරිකානු ඩොලර් අටලක්ෂයක් වටිනා පී.සී.ආර්. යන්ත්‍ර, මුව ආවරණ සහ අනෙකුත් වෛද්‍ය උපකරණ ලබාදී ඇති බවයි එමඟින් සඳහන් කළේ.
Share This Article