කොරෝනා ආසාදනය වී සුවය ලැබූ 55 දෙනෙකු කාත්තන්කුඩි රෝහලෙන් පිටව යයි
Sunday, 10 May 2020 - 10:51 | Views - 1,292
කොරෝනා වෛරසය ආසාදනය වී කාත්තන්කුඩි මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 55 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා අද ඉන් පිටව ගියා.
රෝහල් අධ්යක්ෂ එම්.එස්.එම්. ජාදීර් කියා සිටියේ ඒ අනුව මේ වනවිට රෝහලේ කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් හත්දෙනෙකු පමණක් ප්රතිකාර ලබන බවයි.
සුවය ලබා පිටව ගිය පිරිස අතර, කාන්තාවන් සහ කුඩා ළමයින්ද සිටින අතර, ඔවුන් බණ්ඩාරනායකපුර, ගාල්ල සහ බේරුවල ප්රදේශවල පදිංචිකරුවන් බවයි හිරු ප්රාදේශීය වාර්තාකරු වසන්ත චන්ද්රපාල කියා සිටියේ.
Share This Article