බ්‍රිතාන්‍යයට පැමිණෙන සියල්ලන් දින 14ක නිරෝධායනයකට
Sunday, 10 May 2020 - 8:40 | Views - 653
විදෙස් රටවල සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන සියලූම පුද්ගලයන් දින 14ක නිරෝධායන කාලයකට ලක් කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ගුවන් තොටුපල සහ වරාය හරහා පැමිණෙන බ්රිතාන්යවාසීන්ටද එය බලපවත්වනු ඇති.
ඒ සම්බන්ධයෙන් අගමැති බොරිස් ජොන්සන් අද ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
එහිදී ඔහු නව නිරෝධායන රෙගුලාසි බලපවත්වන දිනය ප්‍රකාශයට පත් කරනු ඇති.
එමඟින් කොවිඩ් 19 ගෝලීය වසංගතයේ දෙවන රැල්ලක් බ්‍රිතාන්‍ය තුළ ඇතිවීම වැළැක්වීමට අපේක්ෂා කරන බවයි එරට පුවත්පත් වාර්තා කළේ.
Share This Article