සඳුදා රට විවෘත කළ පසු රස්සාවට යන්නේ කොහොමද ? - සියලු විස්තර මෙන්න
Sunday, 10 May 2020 - 8:35 | Views - 2,793
මැයි 11 වැනිදා සිට ජන ජීවිතය යථාවත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟ එදිනෙදා කටයුතු සිදුකිරීමේදී සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරගැනීමට ඔබ තරයේ සිහි තබාගත යුතුයි.
 
රැකියා ස්ථානයට යාමේදී මෙන්ම පොදු ස්ථානවල ගැවසීමේදීත් ඔබ මේ පිළිබඳ සැළකිලිමත්වීම වඩා වැදගත්.

මේ ඒ පිළිබඳ සිහි කැඳවීමක්.............

තවදුරටත් ඇඳිරිනීතිය ක්‍රියාත්මකව පවතින කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක ඇතුළු සමස්ත දිවයිනේ ජන ජීවිතය යථාවත් කිරීමට රජය තීරණය කිරීමත් සමඟ ඔබ රැකියා ස්ථානයට යායුතුද, යා යුත්තේ කුමණ ගමනාගමන මාධ්‍යයකින්ද යන්න ඔබට තිබූ ගැටළු රැසකට අපි ඊයේ විසඳුම් ලබාදුන්නා.
 
ඔබ රැකියා ස්ථානයට යායුතුනම් ඔබ යායුත්තේ කෙසේද..?
 
කුමන ගමනාගමන මාධ්‍යයක් භාවිත කළත් සෞඛ්‍යාරක්ෂිතව එය සිදු කළ යුත්තේ කෙසේද..?
 
ඔබට බවතින ඒ ගැටළු පිළිබඳවයි මේ විමසා බැලෙන්නේ.
 
ලබන සඳුදා රාජකාරී ස්ථාන වෙත යාමට බලාපොරොත්තුවෙන් සිටිට ඔබ වෙනුවෙන් බස් රථ 5700ක් දිවයින පුරා ධාවනයට එක් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.
 
ඉන් 3000ක් 11 වැනිදා සිට ඇඳිරිනීතිය ඉවත් කෙරෙන දිස්ත්‍රික්ක 21 සඳහා යොදවා ඇති අතර ඉතිරි 2700 යොදවා ඇත්තේ ඇඳිරිනීතිය පවතින කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහායි.
 
කෙසේ වෙතත් දුර ගමන් සේවා බස් රථ සහ දිස්ත්‍රික්ක අතර බස් රථ ගමන් කිරීමක් සිදුවන්නේ නැහැ.
 
කිසියම් හෝ ආයතනයකට වෙනත් දිස්ත්‍රික්කයක සිට කොළඹට සේවකයින් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වන්නේනම් ආයතන ප්‍රධානියා හරහා ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සේවකයින් සංඛ්‍යාවද ඇතුළත් වන පරිදි ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුයි.
 
ඒ [email protected] ඊමේල් ලිපිනයටයි.
 
කෙසේ වෙතත් දිස්ත්‍රික්ක අතර බස් රථ ගමනාගමනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති අතර, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ ආරක්ෂක බලධාරීන් අතර, හෙට සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
 
කෙසේ වෙතත් සාමාන්‍ය දිනවලදී වැඩිම මගීන් ප්‍රමාණයක් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථ හිමියන් මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළකළා.
 
ඔබ ලබන සඳුදා කාර්යාලයට යාමට බලාපොරොත්තු වන්නේ බස්රථයකින්ද..?
 
බස් රථයට ගොඩවීමේදී බස් රථය ස්පර්ශ කිරීමෙන් හැකිතාක් වළකින්න.
 
රියදුරු සහ කොන්දොස්තර මහතුන් මතක තබාගන්න... මගීන් සියළු දෙනා බස් රථයට ගොඩවී අවසන් වන තෙක් බස් රථය ධාවනය නොකිරීම ඔබගේ වගකීමක්.
 
ඔබ බස්රථයේ අසුන්ගත යුත්තේ හැකිතාක් අනෙක් පුද්ගලයාගෙන් දුරස්ථවයි.
 
එක් බස් රථයක ගමන්කළ හැකි සංඛ්‍යාව 20කට සීමා කර ඇති අතර බස්රථයේ අසුන් ගැනීමේදී සිග්සැග් ක්‍රමය භාවිත කිරීම උචිත බව සෞඛ්‍ය බලධාරීන්ගේ මතයයි.
 
බස් රථයේ ගමන්කරන විට බස් රථයේ ඇති ආධාරක ස්පර්ශ වුවහොත් ඔබ අනුගමනය කළයුතු ක්‍රියා මාර්ග තිබෙනවා.
 
ඔබ සඳුදා කාර්යාලයට යාමට බලාපොරොත්තු වන්නේ දුම්රියෙන් නම් ඔබට මේ තොරතුරු වැදගත් වේවි.
 
ඔබ දුම්රියේ ගමන් කිරීමට ඉල්ලුම් කර ඇත්නම්, ඊට අවසර හිමිවන SMS පණිවුඩය හෙට දහවල් 12න් පසු ලැබෙනු ඇති.
 
එහි දුම්රිය ගමන ආරම්භවන ස්ථානය, ඔබ පැමිණිය යුතු දුම්රිය ස්ථානය සහ වේලාව ඇතුළත් වනවා.
 
එළැඹෙන කාලයට අදාළ දුම්රිය කාල සටහන ද හෙට දහවල් 12න් පසු නිකුත් කිරීට නියමිතයි.
 
11 වැනි සඳුදා දිනයේ දුම්රියේ ගමන්කිරීමට යලි ඉල්ලීම් කිරීමට අවස්ථාව නොමැති අතර ඉදිරි දින සඳහා තවදුරටත් ඉඩ ප්‍රස්ථාව පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
 
ඒ අනුව railway.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම විස්තර ලබාගත හැකියි.
 
ඔබ කාර්යාලයට යාමට බලාපොරොත්තු වන්නේ දුම්රියෙන්නම් ඔබ අනුගමනය කළ යුතු ආරක්ෂිත ක්‍රමවේදයන් රැසක් පවතිනවා.
 
දුම්රියට ගොඩවීමේදී මීටරයක පරතරය තබා ගනිමින් ගොඩවීමට වගබලා ගන්න.
 
දුම්රිය ස්පර්ශ නොකරමින් ගොඩවීමත් වඩා වැදගත්.
 
ඔබ දුම්රියෙන් ගමන් කිරීමේදී සැලකිලිමත් විය යුතු තවත් කරුණු කිහිපයක් පවතිනවා.
 
මීටරයක පරතරය තබා ගනිමින් අසුන් ගත් ඔබ වෙනදාට ඔබ සමඟ දුම්රියේ ගමන්කළ මිතුරන් බොහෝ කලකින් හමුවුවත් ඔවුන් සමඟ සමීපව සතුටු සාමිචියේ යෙදීමෙන් වළකින්න.
 
කාර්යාලයට යාමේදී ත්‍රිරෝද රථ භාවිත කරන බොහෝ පිරිසක් අපේ රටේ ඉන්නවා.
 
ත්‍රි රෝද රථ භාවිත කරන ඔබ වග බලාගත යුතුයි අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයන්හි ගමන් කරන්නා සේම ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිත කරමින් රියදුරුට අමතරව මගීන් දෙදෙනෙක් පමණක් ගමන් කිරීමට. ‍
 
අදාළ මගීන් ගණන පමණක් ත්‍රිරෝද රථයේ ගෙනයාම රියදුරුගේද වගකීමක්.
 
ආරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීම ඔබේත් රටේත් නිරෝගීභාවයට වඩා වැදගත් බව මතක තබාගන්න.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top