පොළොවේ පමණක් නොව අහසටද දැනුන කොරෝනා ආර්ථික අර්බුදය දෙවියන්ටද බලපෑ හැටි
Sunday, 10 May 2020 - 7:50 | Views - 1,054
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්තවීමත් සමඟ බොහෝ රටවල් සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කළා.

ඒ හේතුවෙන්, සේවකයින් මෙන්ම මෙන්ම කාර්මාන්ත ශාලා හිමියන් ද දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණදෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.
 
මෙම ආර්ථික අර්බුදය, භූමියේ වාසය කරන ජනතාවට මෙන්ම අහසේ වැඩ සිටින දෙවියන්ට ද බලපා ඇති බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
 
ඒ හේතුවෙන් දෙවියන් ද පොළොවේ ඇති තම නියෝජිත ආයතනවල සේවක කප්පාදුවක් කිරීමට ආරම්භ කර ඇති බවයි එක් ඉන්දීය වාර්තාවක් පෙන්වා දී ඇත්තේ.
 
එම මාධ්‍ය වාර්තාව, එය සඳහන් කර ඇත්තේ ඉන්දියාවේ පිහිටා ඇති, තිරුපති බාලාජි කෝවිලේ කොන්ත්‍රාත් පදනමේ රාජකාරිය කරමින් සිටි පුද්ගලයින් 1,300කගේ සේවය අත්හිටුවීම එහි පාලනාධිකාරිය විසින් තීරණය කර තිබෙන පුවත හුවාදක්වමින්.
 
ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය අප්‍රේල් 30 වැනිදායින් අවසන් වූ අතර එය අලුත් කිරීමට එම අධිකාරිය විසින් කටයුතු කර තිබුණේ නැහැ.
 
වසර 2000 ක් පමණ පැරණි මෙම කෝවිලේ වාර්ෂික ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 11 ක් වනවා.
 
මේ වනවිට ඔවුන් සතුව ඇති වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 20 ක් බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ.
 
ආන්ද්‍රා ප්‍රදේශයේ පිහිටා ඇති තිරුපති බාලාජි කෝවිලට දිනකට අවම වශයෙන් 40,000කට ආසන්න පිරිසක් පැමිණන බව ද සදහන්.
 
එහි ලඩ්ඩු විකිණීමෙන් පමණක් වසරකට එම කෝවිල උපයන ආදායම ඩොලර් මිලියන 11ක්.
 
ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදී ගත් තීරණයකට අනුව මාර්තු මස 20 වනදා සිට තිරුපති කෝවිල ද වසා දැමීමට කටයුතු කළා.
 
මේ අතර ඇමෙරිකාවේ, ලොස් ඇන්ජලීස් හි පිහිටා තිබු පල්ලියක ද සේවකයින් අධික සංඛ්‍යාවක් වැටුප් රහිත නිවාඩු යවා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කියා සිටියේ.
 
නිව්යෝර්ක්හි පල්ලිවල සේවකයින්ගේ සේවය අත්හිටුවා තිබෙනවා.
 
එමෙන්ම මුස්ලිම් දේවස්ථානවල ද සියලු ආගමික වතාවත් අත්හිටුවා ඇති බැවින් එහි ආදායම් ද අවම වී ඇති බව සදහන්.
 
කොරෝනා වෛසරය මේ වනවිට සාමාන්‍ය ජන ජීවිතයට මෙන්ම දෙවියන්ගේ නියෝජිතයින්ගේ ජීවිතවලට ද බලපෑම් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.
 
එවැනි එක වාර්තාවක් අවසන් කර ඇත්තේ දෙවියන් අපට අශිර්වාද කරාවි , යනුවෙන් සඳහන් කරමින්.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top