කුවේටයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගෙන් ලේඛණගත පිරිස ගෙන්වා ගැනීම මේ මසදී ඇරඹෙයි
Sunday, 10 May 2020 - 7:42 | Views - 1,217
විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ,කුවේටයේ විදේශ අමාත්‍ය ගරු ෂීක් ආචාර්ය අහමද් නසර් අල්-මොහමඩ් අල්-සබහ් අමතා එරට ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අතරින් මව්බිමට පැමිණීමට ලේඛණගතව සිටින පිරිස සුරක්ෂිතව නැවත ගෙන්වා ගැනීම මැයි මසදී ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කර එකඟතාවක් ඇතිකරගෙන තිබෙනවා.
අනෙක් අයටද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් තාවකාලික ගමන් බලපත්‍ර නිකුත් කිරීමත් සමඟ එලෙසම නැවත මව්බිමට සුරක්ෂිතව පැමිණීමට හැකි බවයි අමාත්‍යවරයා පවසන්නේ.
මෙම ක්‍රියාවලිය සතිපතා දෙරටේ අමාත්‍යවරුන් විසින් සමාලෝචනය කරන බවද සඳහන්.
තවදුරටත් දෙරට අතර මිත්‍රත්වය තහවුරු කිරීම පිළිබඳව හා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය වෙත දක්වන සහයෝගය වෙනුවෙන් කුවේට රජයටත්, එරට විදේශ කටයුතු අමාත්‍යවරයාටත්, විදේශ කටයුතු අමාත්‍යාංශයටත් විශේෂ ස්තුතියක්ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පිරිනමා තිබෙනවා.
Share This Article