හින්දි සිනමාවට හිස්තැනක් තබමින් අවසන් ගමන් ගිය රංගනයේ සීමාවක් නැති ඉර්ෆාන් ඛාන් ගැන ඔබ නොදත් කතාවක් මෙන්න
Sunday, 10 May 2020 - 7:40 | Views - 714
කතාවකින් තොරවම අභිනයන් මඟින් යම් අයකුට අදහස් ප්‍රකාශ කිරීමට හැකියාවක් ඇත්නම් ඔහු රංගවේදියකු වශයෙන් ඉදිරියෙන්ම සිටින්නෙකු යැයි අවිවාදයකින් තොරවම කිවහැකිය. තිරයේ හුදකලාව මැකීමට මෙන් එහා මෙහා නටන රූකඩ චරිතයනට වඩා තම දෙනෙත් මගින්, ඉරියව් මගින් නිහඬවම බොහෝ දෑ ප්‍රකාශ කළ කලාකරුවකු තම බොහෝ නිර්මාණයන් අනාගතයට බාර කොට තබා පසුගිය දිනක තම දෙනෙත් පියාගත්තේය. ඔහු නමින් ඉර්ෆාන් ඛාන්ය.
 
තම රංග ජීවිතය ඔහුට අමුත්තක් නොවීය. මන්ද ඔහු සෑම නිර්මාණයකින්ම පිළිබිඹු කිරීමට උත්සාහ ගනු ලැබුවේ සාමාන්‍ය ජීවිතයේ චරිතයන් සිනමාපටයට කැන්දාගෙන ඒමටය. "මට ජුරාසික් පාක් චිත්‍රපටය බලන්න සල්ලි තිබ්බේ නැහැ. ඒත් ඊට පස්සේ ඔවුන් නිර්මාණය කරපු ජුරාසික් පාක් චිත්‍රපටය සමඟ සම්බන්ධ වෙන්න මට හැකියාව ලැබුණා '' මේ ඔහු සම්බන්ධයෙන් පැවසීමට ඇති සරලවම කතාවයි. ඔහු ජීවිතය ඇරඹි තැන පැවසීමට මීටත් වඩා උදාහරණ පැවසීම අවැසි නැත. කෙසේවෙතත් ඉර්ෆාන් ඛාන් උපන්නේ 1967 ජනවාරි මස 7 වනදා රාජස්ථාන්හීදීය. ඉර්ෆාන් ගේ පළමු ඉලක්කය වූයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වීමයි. විසි හැවිරිදි විය වන විට ඔහු පළමු පෙළ තරඟ වල දක්ෂතා පෙන්වමින් සිටියේය. නමුත් අධ්‍යාපන කටයුතු උදෙසා ඔහු තමා ගේ දක්ෂතාවය කැපකිරීමට සිදුවිය. 1984 විට උසස් අධ්‍යාපනය හදාරමින් එම්.ඒ.උපාධිය සම්පූර්ණ කරන්නට සමත් වූ ඉර්ෆාන් ඉන්පසු තමාගේ දෙවැනි කැමත්ත වෙනුවෙන් පළමු තැන දීමට අදහස් කළේය. එහි ප්‍රතිඵලයක් ලෙසින් ඔහු රංගනය පිළිබඳ මැනවින් හැදෑරීම උදෙසා නාට්‍ය පාසලකට ඇතුළත් විය.

නාට්‍ය පාසැලෙහි අධ්‍යාපනය ලබන සමයේදී ම යම් යම් නාට්‍ය උදෙසා චරිත රංගනයෙන් සම්බන්ධව සිටි ඉර්ෆාන්ට salaam bombay චිත්‍රපටයේ සුළු චරිතයක් හා සම්බන්ධ වීමේ අවස්ථාව ලැබුණේ මේ වකවානුවේදීය. නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය වන විට ඔහු රඟපෑ දර්ශනය ඒ තුළ නොවීය . කෙසේ වෙතත් රංගනය සම්බන්ධව අධ්‍යාපනය හැදෑරූ පාසලෙන් ඉවත් වූ ඔහුට සුළු චරිත හැර චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපෑමේ අවස්ථාව නොලැබිණි . නමුත් සියල්ල සිදුවන්නේ කිසිවෙකුත් නොසිතන මොහොතකය. කාලයක් පුරා සුළු චරිත සඳහා රංගනයෙන් සම්බන්ධ වී සිටි ඉර්ෆාන්ට ප්‍රධාන චරිතයක් උදෙසා ඇරයුමක් ලැබුණේ අසීස් ගේ The warrior චිත්‍රපටය වෙනුවෙනි. ඉන්දියාව තුළ දී ප්‍රධාන චරිතයක් උදෙසා ඔහුට අවස්ථාව ලැබුණේ 2005 වර්ෂයේදී Rog චිත්‍රපටය සඳහාය. මේ චිත්‍රපටය වෙනුවෙන් ඔහුගේ රංගනය උදෙසා සිනමා විචාරකයන්ගෙන් බොහෝ ඇගයීම් ලැබුණු අතර ක්‍රමයෙන් ඔහු හින්දි සිනමාවේ නිතර දෙවේලේ දක්නට ලැබෙන චරිතයක් බවට පත්විය.
 
මේ අතරවාරයේ විටින් විට සම්මානයන්ගෙන් පාත්‍ර වන්නට වරම් ලැබූ ඉර්ෆාන් 2004 වසරේදී හොඳම දුෂ්ට චරිතය නිරූපණය කිරීම වෙනුවෙන් filmfare සම්මානය දිනාගත් අතර 2007 වසරේදී හොඳම සහාය නළුවාට හිමි filmfare සම්මානය ද දිනා ගන්නට සමත් විය. ඔහුගේ රංග පරාසයක් නැත. ඔහුගේ රංගනයේ සීමාවක් නැත. ඒ බව පසක් කරමින් 2008 වසරේදී හොඳම විකට නළුවාට හිමි සම්මානයක්ද දිනා ගන්නට සමත් වන විට 2013 දී ඔහු දිනා ගනු ලැබුවේ හොඳම නළුවාට හිමි සම්මානයයි.
 
ඉර්ෆාන් අවසන් වතාවට filmfare සම්මානය දිනා ගැනීමට වරම් ලැබුවේ 2017 වසරේදී hindi medium චිත්‍රපටය වෙනුවෙනි. ඒ හොඳම නළුවාට හිමි සම්මානයයි. එසේම ඇකඩමි සම්මාන සඳහා නිර්දේශිත චිත්‍රපට දෙකක් උදෙසාම රංගනයෙන් සම්බන්ධ වූ බොලිවුඩ් නළුවා වන්නේ ද ඉර්ෆාන්ය. තමා අධ්‍යාපනය ලැබූ නාට්‍ය රංග පාසලේ දී ඇතිවු ප්‍රේම සම්බන්ධතාවයක් මත පසුකාලීනව ඔහුගේ විවාහය සිදු විණි. ඇයද පිටපත් රචිකාවියකි.
 
ශරීරයෙහි යම් යම් කොටස් වලට හානි කරන අතිශය විරල පිළිකා තත්ත්වයකින් පෙළෙන්නට පටන්ගත් ඉර්ෆාන් මුලින්ම රෝහල් ගත වූයේ 2018 වර්ෂයේදීය.යම් යම් අවස්ථාවල රෝගී තත්වය උත්සන්න වූ ඔහු පසුගිය පෙබරවාරි මාසයේදී ද රෝහල් ගත වූයේ රෝගය යළිත් උත්සන්න වූ නිසාය. නමුත් රෝහලේදී ඔහු සදහටම දෙනෙත් පියා ගත්තේ හින්දි සිනමාවේ හැකියාවන්ගෙන් පිරිපුන් රංගන ශිල්පියකු උදෙසා හිස්තැනක්ද තබමිනි.
 
රජිත බස්නායක - සිළුමිණ



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top