ඊයේ හඳුනාගත් ආසාදිතයන් 12න් 10ක් නාවික හමුදා සාමාජිකයන්
Sunday, 10 May 2020 - 7:33 | Views - 1,243
ඊයේ දිනයේදී වාර්තාවූ කොරෝනා වෛරස් ආසාදිතයන් 12 දෙනාගෙන් 10 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
අනෙක් දෙදෙනා නාවික හමුදා සාමාජිකයන්ගේ සමීපතමයන් බවයි හිරු ටී.වී පත්තරේ විස්තරේ වැඩසටහන සමග එක්වෙමින් යුද හමුදාපතිවරයා කියාසිටියේ.
වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ නාවික හමුදා සෙබලුන් දස දෙනා මෙන්ම ඔවුන්ගේ සමීපතමයන් ද මේවන විට කඳවුරුවල නිරෝධායනය වෙමින් සිටින අය බව ද ඔහු සඳහන් කළා.
මේ වන විට මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 847ක් වාර්තාවී ඇති අතර ඉන් 578 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 260 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 9ක්.
Share This Article