කාර්යාල ඇරඹුණත් සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නැයි පොලීසියෙන් ඉල්ලීමක්
Saturday, 09 May 2020 - 20:08 | Views - 728

අනිද්දා සිට කාර්යාල කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කිරීමත් සමග ඒ සඳහා පැමිණෙන රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන් පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී විශේෂ සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද හඳුන්වා දී තිබෙනවා.
විශේෂයෙන් කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අඛන්ඩව ක්‍රියාත්මකව පවතිද්දී මෙලෙස සේවාවන් ආරම්භ කෙරෙන අතර, රජය නිවේදනය කළේ සියලූ සේවකයන් සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් නිසි පරිදි පිළිපැදිය යුතු බවයි.
ඒ අනුව, සඳුදා දිනයේ කාර්යාල වෙත ගමන් කිරීමට බලාපොරොත්තු වන පෞද්ගලික හා රාජ්‍ය අංශයේ සේවකයන් වෙනුවෙන් බස් රථ 5700ක් යෙදවීමට බලාපොරොත්තු වන බව ලංකා ගමනා ගමන මණ්ඩලය පවසනවා.
එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක සඳහන් කළේ මින් බස් රථ 3000ක් අවදානම් නොවන දිස්ත්‍රික්ක 21 සඳහා යොදවා ඇති බවයි.
ඉතිරි බස් රථ 2700 යොදවා ඇත්තේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහායි.
කෙසේ වෙතත්, දුර ගමන් සේවා බස් රථ සහ දිස්ත්‍රික්ක අතර බස් රථ ගමනාගමනය සිදුවන්නේ නැහැ.
කිසියම් හෝ ආයතනයකට වෙනත් දිස්ත්‍රික්කයක සිට කොළඹට සේවකයින් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා ආයතන ප්‍රධානියා හරහා ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඉල්ලීමක් කළ යුතු වනවා.
කෙසේ වෙතත්, දිස්ත්‍රික් අතර බස් රථ ගමනාගමනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති අතර, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ අතර, විශේෂ සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි.
මේ අතර, දුම්රියෙන් කාර්යාල වෙත පැමිණීමට බලාපොරොත්තු වන සේවකයින්ට ද දුම්රියේ ගමන් කළ හැකි විශේෂ ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව දැනටමත්, තමන්ට අදාළ ආයතනය හරහා දුම්රියේ ගමන් කිරීමට ඉල්ලූම් කර ඇති පුද්ගලයින්ට ඒ සඳහා අවසර හිමිවන කෙටි පණිවුඩය හෙට දහවල් 12 න් පසු ලැබීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එම කෙටි පණිවුඩයේ දුම්රිය ගමන ආරම්භ වන ස්ථානය, තමන් පැමිණිය යුතු වේලාව සහ දුම්රිය ස්ථානය ද ඇතුළත් වනවා.
එළඹෙන කාලයට අදාළ දුම්රිය කාල සටහන ද හෙට දහවල් 12 න් පසු නිකුත් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, සඳුදා දිනයේ දුම්රියේ ගමන් කිරීමට යළි ඉල්ලීම් කිරීමට අවස්ථාවක් නොමැති නමුත්, හෙට දිනයේ ඒ සඳහා ඉඩ ප්‍රස්ථාව පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව, railway.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් මීට අදාළව තවදුරටත් තොරතුරු ලබා ගත හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අනිද්දා සිට පෞද්ගලික බස් රථ යෙදවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. සෞඛ්යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව මගීන් ගෙන යාමේදී බස් රථවලට පාඩු සිදුවන අතර රජය මගින් ඉන්ධන සහනාධාරයක් ලබා දෙන්නේ නම් අවශ්‍ය බස් රථ යෙදවිය හැකි බවයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ.
මේ අතර, ප්‍රවාහන කටයුතු ඇරඹුණත්, තවදුරටත් කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැනුවත් කර ඇති සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද භාවිත කිරීම සියලූ සේවකයන්ගේ වගකීම බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
Share This Article