ඇදිරි නීතිය නිසා කොළඹ කොටුවූ තවත් පිරිසක් ගම්බිම් වෙත පිටත් කර යවයි
Saturday, 09 May 2020 - 20:06 | Views - 616
ඇදිරි නීතිය හේතුවෙන් සිය ගම්බිම්වලට යා නොහැකිව බස්නාහිර පළාතේ රැදි සිටි පිරිස් යළි ගම්බිම් වෙත පිටත් කර යැවීමේ 4 වන අදියර අද රත්මලාන දුම්රිය ක්රීඩාංගනයේදී ක්රියාත්මක වුණා.
අග්රාමාත්ය කාර්යාල පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායට ලබා දුන් ඇමතුම් අනුව, මෙලෙස ගම්බිම් කරා පිටත් කර යැවුණේ ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ පොලිස් වසම් 10ක පුද්ගලයින් 1200කට ආසන්න පිරිසක්.
ලංගම බස් රථ 40 කින් මෙම පිරිස ගම්බිම් කරා යොමු කෙරුණේ උෂ්ණත්වය මැනීම සහ විෂබීජහරණයෙන් අනතුරුවයි.
මේ අතර, පානදුර - කෙසෙල්වත්ත, සරික්කම්මුල්ල, හේනමුල්ල ග්රාම සේවා වසම් වල අඩු ආදායම්ලාභී ජනතාවට රුපියල් 5000 නොලැබුණු බවට ඔවුන් චෝදනා කරනවා.
පානදුර ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙකු සඳහන් කළේ මෙම දීමනාව ලබා ගැනීමට ඉල්ලූම් කළ අයට අමතරව, අභියාචනා ඉදිරිපත් කළ පිරිස් ද එම ස්ථානයට පැමිණීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වූ බවයි.
කෙසේ වෙතත්, රජයෙන් ලබා දුන් රුපියල් 5000 දීමනාව තමන්ට වඩා අගහිගකම් ඇති පවුලක් වෙත ප්රදානය කළ මවක් පිළිබඳ තොරතුරු අම්බලන්තොට - මානජ්ජාව ග්රාම නිලධාරි වසමෙන් අද වාර්තා වුණා.
Share This Article