ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 847ක් දක්වා ඉහළට
Saturday, 09 May 2020 - 20:04 | Views - 761
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 847ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ තවත් ආසාදිතයන් තුන්දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
මේ අනුව අද දිනයේ මේ දක්වා හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 12ක්.
ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවී ඇති ආසාදිතයන්ගෙන් 578 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 260ක්.
මෙරටින් කොරෝනා වෛරස් ආසාදිත මරණ 9ක් ද වාර්තාවුනා.
මේ අතර මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති කොරෝනා වෛරස් ආසාදිතයන් අතර නාවික හමුදා සාමාජිකයන් 409 දෙනෙකු වන බව අනාවරණ වී තිබෙනවා.
පූර්ණ සුවය ලබා පිටව ගිය පිරිස අතර නාවික හමුදා සාමාජිකයන් 21 දෙනෙකු වන බව සඳහන්.
Share This Article