කොරෝනා අස්සේ, ගෝල්ෆේස් එකට සිදු වුණ දේ - Photos
Saturday, 09 May 2020 - 19:04 | Views - 911
ගාලු මුවදොර පිටිය එහෙමත් නැත්නම් හැමෝටම පුරුදු ගෝල්ෆේස් කියලා කියන්නේ කොළඹ නගරයටම අවේණික වුන එක්තරා සන්ධිස්ථානයක්. සාමාන්‍ය දිනයකදී හවස්වරුව මේ ගෝල්ෆේස් පිටිය මොනතරම් කාර්යබහුල තැනක් බවට පත්වෙනවද කියන එක අමුතුවෙන් අමුතුවෙන් කියන්න ඕන නෑ.

මොකද කොළඹ පුරාම විසිරිලා ඉන්න පිරිස් තමන්ගේ කාර්යබහුල දිනය නිමා කරන්න හොඳම තැනක් විදිහට හැමදාම හවසට ගෝල්ෆේස් පිටියට එකතු වෙන එක සාමාන්‍ය සිරිතක්. තමන්ගේ පවුලේ අය එක්ක ඇවිත් නිදහසේ ටිකක් කාලය ගතකරන්න, පුංචි දරුවන් එක්ක ඇවිත් ටිකක් විනෝද වෙන්න, නිදහස් මුහුදු හුළඟ විඳින්න, නිදහසේ කන්න බොන්න මීටත් වඩා ගැළපෙන නිදහස් තැනක් කොළඹ වෙන කොහේවත් නැති තරම්. ඒ නිසාම ගෝල්ෆේස් එක කොළඹ නගරයට ආභරණයක්.

මෙතැනට එන හැමෝම දෙනා නොවුනත් පරිසරය විනාස කරමින් තමන්ගේ නිදහස භුක්ති විඳින කිහිප දෙනෙක්වත් එක දවසකදී නොපැමිනෙනවානම් ඒක පුදුමයක්. කොහොම වුනත් මිනිස් ඇසුර ගැටෙන ඕනෑම ස්වභාවික පරිසරයකට මේ දුක ඉවසන්න වෙනවා කියන එකනම් ලංකාව ඇතුළේ අමුතු දෙයක් නෙමෙයි.

ඉතින් කොරෝනා වසන්ගතයත් එක්ක පහුගිය කාලේ එක දිගටම අපේ රටේ පැවතුන ඇඳිරි නීති තත්ත්වය එක්ක ගෝල්ෆේස් පිටිය අලුත්ම මුහුණුවරක් අරගෙන තියනවා. මේ පින්තූර ටික බැලුවම ඒ ගැන ඔබට හොඳ අවබෝධයක් ලැබෙයි.

පේනවා නේද අපූරුවට තණකොළ වැවිලා මේ සුන්දර පරිසරය තමන්ගේ නිදහසේ ජීවත්වෙලා තියන අපූරුව.

මිනිස්සුන්ගෙන් වෙන බලපෑම මොනවගේ එකක්ද කියන එක හොඳින් තේරුම් ගන්න මීට වඩා යමක් ඔබට අවශ්‍ය වෙයි කියලා අපි හිතන්නේ නෑ. ඒ නිසා හොඳින් හිතට ගන්න. අපිට හැමදාම මේ විදිහට ගෝල්ෆේස් එක දකින්න ලැබෙනවානම් කොච්චර ලස්සනයිද නේද? තීරණය ඔබේ අතේ.....

රිද්මි පතිරණ
Image may contain: sky, outdoor and nature
Image may contain: sky and outdoor
Image may contain: sky, outdoor and nature
Image may contain: sky, cloud, tree, outdoor and nature
Image may contain: sky, cloud and outdoor


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top