කුවේට් රාජ්‍ය, දින 20ක් සම්පූර්ණයෙන් වැසේ
Saturday, 09 May 2020 - 18:45 | Views - 1,481
කොවිඩ් 19ට එරෙහිව සටන් කිරීම සඳහා කුවේටය දින 20 ක් “සම්පූර්ණයෙන් වසා දැමීමට" (lockdown) තීරණය කර තිබෙනවා.
මැයි 10 වන ඉරිදා සවස 4 ට ආරම්භ වී මැයි 30 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන මෙම වසා දැමීම අතර රාජ්‍ය අංශයේ කටයුතු දුරස්ථව සිට අඛණ්ඩව සිදුවන බව සඳහන්.
එමෙන්ම අත්‍යවශ්‍ය පෞද්ගලික අංශයේ ක්‍රියාකාරකම් පමණක් ක්‍රියාත්මක කර අනෙකුත් සේවා සියල්ල අත්හිටවනු ඇති.
සෞඛ්‍ය, ආරක්ෂාව, විදුලිය, තෙල් හා නාගරික සේවා වැනි අත්‍යවශ්‍ය අංශ මෙන්ම නඩත්තු කිරීම වැනි අත්‍යවශ්‍ය සේවාවන් සපයන පෞද්ගලික අංශයේ සමාගම් ද වසා දැමීමෙන් නිදහස් වන අතර ඔවුන්ට රැකියාවට සහ පිටතට යාමට අවස්ථාව ලබා දීම සඳහා බලපත්‍ර නිකුත් කෙරෙනවා.
Share This Article