තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 5ක් සුවය ලබයි
Saturday, 09 May 2020 - 18:38 | Views - 897
කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 5 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 260ක් දක්වා ඉහළ යනවා.
මේවන විට මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 844ක් වාර්තාවන අතර ඉන් 575 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
වාර්තාවූ මරණ සංඛ්‍යාව 9ක්.
මේ අතර අද දිනයේ මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතයන් 9ක් වාර්තාවී ඇති අතර ඔවුන් සියලුදෙනාම නාවික හමුදා සාමාජිකයන්.
මේ අතර සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ ඊයේ දිනයේදී පී.සී.ආර් පරීක්ක්ෂණ 1821ක් සිදුකර ඇති බවයි.
එය මේ දක්වා දිනක් තුල සිදු කළ වැඩිම පරීක්ෂණ සංඛ්‍යාවයි.
Share This Article