මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 844ක් වෙයි
Saturday, 09 May 2020 - 18:36 | Views - 670
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 844ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අද දිනයේ නව ආසාදිතයන් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේ හඳුනා ගැනුනු ආසාදිතයන් නව දෙනාම නාවික හමුදා සාමාජිකයන් බවයි.
මේ වන විට මෙරටින් හමුවී ඇති ආසාදිතයන් අතුරින් 580 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 255ක්.
කොරෝනා වෛරස් ආසාදනය හේතුවෙන් මෙරටින් මරණ 9ක් ද වාර්තා වුනා.
Share This Article