ඕස්ට්‍රේලියාවේ රැදී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් නික්මෙයි
Saturday, 09 May 2020 - 14:08 | Views - 830
කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තවදුරටත් ඕස්ට්‍රේලියාවේ රැදී සිටින සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිසක් යළි මෙරටට රැගෙන ඒම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද පෙරවරුවේ පිටත්ව ගොස් තිබෙනවා.
කටුනායක ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සඳහන් කළේ මේ අනුව යූ.එල්. 604 දරණ ශ්‍රී ලන්කන් විශේෂ ගුවන් යානය අද පෙරවරු 7.30ට මෙල්බර්න් නුවර බලා පිටත්ව ගිය බවයි.
මෙම ගුවන් යානය යළි හෙට අලූයම කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟාවීමට නියමිත අතර, එමගින් යළි මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව පිළිබදව මෙතෙක් ප්‍රකාශ කළ නොහැකි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.
Share This Article