කොළඹ අදත් පී.සී.ආර්. සිදුකරයි
Saturday, 09 May 2020 - 13:20 | Views - 699
කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස කොළඹ ප්‍රදේශ රැසක පී.සී.ආර්. පරීක්ෂණ අදත් සිදුකෙරෙනවා.

ඒ අනුව කොළඹ - ජින්තුපිටිය ප්‍රදේශයේ නියැදි වශයෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය දින කිහිපයේදී ද කොළඹ නිවාස සංකීර්ණ ආශ්‍රිතව පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලැබුවා.

මේ අතර, 528කට ආසන්න පිරිසක් නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් පසු අද නිවෙස් වෙත පිටත් කර යැවුණා.

ඉන් 228 දෙනෙකු යාපනය - තෙන්මාරාවි - 522 බල සේනාවේ ආගමන මධ්‍යස්ථානයේ පිහිටුවනු ලැබූ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයයි.

ඔවුන් කොළඹ - 12 බණ්ඩාරනායක මාවත සහ කෙසෙල්වත්ත පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව පදිංචිකරුවන්.

එමෙන්ම, පොළොන්නරුව - කන්දකාඩු මධ්‍යස්ථානයේ හැට දෙදෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත් කර යැවූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර, කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තවදුරටත් විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

ඊයේ දිනයේදී නව ආසාදිතයින් 11 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 835ක් වන අතර, සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 240 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top