කොළඹ අදත් පී.සී.ආර්. සිදුකරයි
Saturday, 09 May 2020 - 13:20 | Views - 700

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස කොළඹ ප්‍රදේශ රැසක පී.සී.ආර්. පරීක්ෂණ අදත් සිදුකෙරෙනවා.
ඒ අනුව කොළඹ - ජින්තුපිටිය ප්‍රදේශයේ නියැදි වශයෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
පසුගිය දින කිහිපයේදී ද කොළඹ නිවාස සංකීර්ණ ආශ්‍රිතව පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරනු ලැබුවා.
මේ අතර, 528කට ආසන්න පිරිසක් නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් පසු අද නිවෙස් වෙත පිටත් කර යැවුණා.
ඉන් 228 දෙනෙකු යාපනය - තෙන්මාරාවි - 522 බල සේනාවේ ආගමන මධ්‍යස්ථානයේ පිහිටුවනු ලැබූ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයයි.
ඔවුන් කොළඹ - 12 බණ්ඩාරනායක මාවත සහ කෙසෙල්වත්ත පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව පදිංචිකරුවන්.
එමෙන්ම, පොළොන්නරුව - කන්දකාඩු මධ්‍යස්ථානයේ හැට දෙදෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත් කර යැවූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර, කොරෝනා ආසාදිත නාවික හමුදා සාමාජිකයින් ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තවදුරටත් විමසිල්ලෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
ඊයේ දිනයේදී නව ආසාදිතයින් 11 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 835ක් වන අතර, සම්පූර්ණයෙන්ම සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 240 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.
Share This Article