ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල ගැන, ගැසට් නිවේදනය හෙට
Saturday, 09 May 2020 - 13:12 | Views - 1,126
ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිලිවෙල සහ නිරෝධායන රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය හෙට දිනයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන  බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන අතර, ඒ සඳහා තමන් ඇතුළු කාර්ය මණ්ඩලය සූදානමින් සිටින බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ සඳහන් කළේ.

පොදු ප්‍රවාහනය සේවා, ආහාර සපයන ආයතන, අධ්‍යාපන හා සේවා ආයතන මෙන්ම පොදු ස්ථාන සහ වෙළදසැල්වල කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳ රෙගුලාසි මෙම ගැසට් පත්‍රය මගින් නිකුත් කරනු ඇති.

මේ වන විට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අතර, කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට හැර එය අනිද්දා උදෑසන 5ට ලිහිල් කිරීමට නියමිතයි.

දැනට සැලසුම් කර ඇති පරිදි අනිද්දා රට යළි යථා තත්ත්වයට පත් කිරීමට අදාළ සියළු කටයුතු මේ වන විට සූදානමින් පවතිනවා.

සේවා කටයුතු මෙන්ම අනෙකුත් දෛනික කටයුතු ද ක්‍රම - ක්‍රමයෙන් ආරම්භ වන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේයි. රජය විසින් දැනුම් දුන් පරිදි පොදු ප්‍රවාහන කටයුතු ද සැලසුම්ගත ක්‍රමවේදයක් ඔස්සේ ආරම්භ කෙරෙනවා.

ඊට සමගාමීව හෝටල්, ආපනශාලා ඇතුළු අනෙකුත් සේවා ස්ථාන ද යළි විවෘත කිරීමට නියමිතව ඇතත්, සේවයේ යෙදුණු ශ්‍රමිකයින් පිට පළාත්වලින් ගෙන්වා ගැනීමේ දුෂ්කරතාවක් පවතින බවයි ඒවායේ හිමිකරුවන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, අනිද්දා සිට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේදී සුරාසැල් විවෘත නොකිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව තිබෙනවා.

මීට පෙර ද ඇඳිරි නීතිය ලිහිල් කළ අවස්ථාවේදී ඒවා අසළ ජනතාව වැඩි වශයෙන් රැස්වීම හේතුවෙනුයි සුරාසල් වසා දැමීමට රජය තීරණය කළේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකු සඳහන් කළේ සුරාසැල් විවෘත කිරීමට අදාළ යෝජනා සහ උපදෙස් රජය වෙත මේ වන විටත් ලබාදී ඇති බවයි.

ඒ අනුව 15 වන දායින් පසු දිනෙක යළිත් සුරාසැල් විවෘත කිරීමට අදාළව අවසන් තීරණයට එළඹෙනු ඇති බව ද එම ප්‍රකාශකයා කියා සිටියා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද පෙන්වා දෙන්නේ 11 වැනිදා රට යළි විවෘත කරන අවස්ථාවේදී ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද දැඩි ලෙස අනුගමනය කරනු ඇතැයි විශ්වාස කරන බවයි.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යටතේ සැලූන් සහ රූපලාවන්‍යාගාර ආදිය ද ඒ අනුව විවෘත කෙරෙනවා. ඊට අදාළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ නිකුත් කරනු ලැබුවා.

නියමිත ක්‍රමවේදයන් ඔස්සේ ඒවා විවෘත කිරීමට අදාළව අද සහ හෙට  යන දෙදින තුළ පරීක්ෂා කිරීම් සිදුකරන බව ද  ඔහු කියා සිටියා.

මේ අතර, රජය ප්‍රමුඛතාව දී ඇත්තේ කොරෝනා වෛරසය මර්දනය කිරීමට සහ ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top