බෝනික්කෙකු තුළ සඟවා මත්කුඩු අලෙවි කළ අඹුසැමි යුවලක් අත්අඩංගුවට
Saturday, 09 May 2020 - 12:13 | Views - 1,223
දරුවකුගේ සෙල්ලම් බෝනික්කෙකු තුළ සඟවා තබා ගනිමින්, දඹුල්ල රත්මල්ගහ ඇළ ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය අලෙවි කළ අඹුසැමි යුවලක් දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම ඔවුන්ගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි තරුණයන් සිව්දෙනෙකු ද මත්කුඩු සමඟ අත්අඩංගුවට ගෙන ඇතිබව සදහන්.
කුඩා බෝනික්කා තුල තිබී මත්කුඩු ග්‍රෑම් තුනයි මිලි ග්‍රෑම් 400 ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂයක් පමණ වන බවයි
පොලිසිය කියා සිටියේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර අඹුසැමි යුවල අද (09) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article