විදේශීය වෛද්‍යවරුන් සහ හෙදියන් ඇමරිකාවේ ස්ථීර සේවයට යෙදවීමේ යෝජනාවක්
Saturday, 09 May 2020 - 11:01 | Views - 1,652
කොවිඩ් - 19 ගෝලීය වසංගතය හේතුවෙන් වැඩිම පීඩාවට ලක්ව ඇති ඇමරිකා එක්සත් ජනපදයේ සේවය සඳහා විදේශීය වෛද්‍යවරුන්ට සහ හෙදින්ට ඉඩ සලසන යෝජනාවක් එරට කොංග්රස් මණ්ඩලය වෙත ඉදිරිපත් වී තිබෙනවා.
එමගින් ඉල්ලා ඇත්තේ ඔවුන්ට ඇමරිකාවේ සේවය කිරීමේ ග්‍රීන් කාඩ්පත් සහ නීත්‍යානුකූල ස්ථීර පුරවැසිභාවය ලබාදෙන ලෙසයි.
පසුගිය වසරවල වෙන් කෙරුණු කෝටාවන් ඒ සඳහා භාවිත කළ හැකි බව ද අදාළ කොංග්රස් මණ්ඩල යෝජනාවේ සදහන්.
ඒ යටතේ විදේශීය හෙදියන් 25,000ක් සහ වෛද්‍යරුවන් 15,000ක් කොවිඩ් - 19 වසංගතය ඇමරිකාවෙන් තුරන් කිරීම සඳහා යොදා ගත හැකි බව යෝජනාව ඉදිරිපත් කළ ඇමරිකානු කොංග්රස් මණ්ඩල සාමාජිකයන් පෙන්වා දෙනවා.
Share This Article