ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම නිසා අත්අඩංගුවට ගත් සංඛ්‍යාව තවත් ඉහළට
Saturday, 09 May 2020 - 10:26 | Views - 974
ඇඳිරි නීතිය උල්ලංගණය කළ තවත් පුද්ගලයින් 1059 දෙනෙකු අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාලය තුළ රථ වාහන 249ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
මේ අතර, මේ වන විට ඇඳිරි නීතිය උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 49,784 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගෙන ඇති මුළු වාහන සංඛ්‍යාව 12,903ක්.
Share This Article