මාස දෙකක් තිස්සේ සැගව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය, ඉවන්කාටත් කොරෝනා අසාධනය වෙයි ?
ඇමෙරිකානු ජනපති දියණිය සහ ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශිකා ඉවාන්කා ට්‍රම්ප්ගේ පෞද්ගලික සහායිකාවක කොරෝනා වෛරසය අසාධනය වී ඇති බව විශ්වාස වන්ත ආරංචි මාර්ගයක් CNN මාධ්‍ය වෙත පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙන්නේ.
එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වෙනුවෙන් පෞද්ගලික සහායිකාවක ලෙස කටයුතු කරන ඇය, සති කිහිපයකින් ඉවාන්ක ට්‍රම්ප් වටා නොසිටි බව කියැවෙයි.
ඒ අනුව ඇය මාස දෙකකට ආසන්න කාලයක් දුරස්ථව සේවයේ යෙදී ඇති අතර, දුරකථන හා අන්තර්ජාලය හරහා පමණක් සබඳතා පවත්වා ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත් ඉවන්කා ට්‍රම්ප් සහ ඇගේ සැමියා වන ජෙරාඩ් කුෂ්නර් යන දෙදෙනාම සිකුරාදා කොවිඩ්-19 සඳහා පරීක්ෂාවට ලක්කර තිබෙනවා.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා තහවුරු කළේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කේටි මිලර්ද කොවිඩ්-19 අසාධනය වී ඇති බවත් සදහන්.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික සහායකයෙකුද පසුගිය බ්‍රහස්පතින්දා කොවිඩ්-19 සඳහා පරීක්ෂණය සිදු කර තිබෙන බවත් ඔහුටද කොරෝනා බවද සදහන්.
