කොවිඩ් - 19 වසංගතයෙන් අප්‍රිකාවේ එක්ලක්ෂ 90,000ක් මිය යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි
Saturday, 09 May 2020 - 9:50 | Views - 751
කොවිඩ් - 19 ගෝලීය වසංගතයෙන් වසරක් තුළ අප්‍රිකාවේ එක්ලක්ෂ 90,000ක් පමණ මිය යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එම තත්ත්වය වැළැක්වීමට නම් දැඩි පාලන පියවර ක්‍රියාත්මක කළ යුතු බවයි එහි අප්‍රිකානු කලාප ප්‍රධානී මට්ෂිඩිෂෝ මොයෙටි ප්‍රකාශ කළේ.

ලොව අනෙකුත් කලාප හා සසදන විට අප්‍රිකානු මහද්වීපයේ කොරෝනා වෛරසය පැතිරීම සිදුවන්නේ සෙමෙන්.

 කලාපයේ යොවුන් ජනගහනය මෙම එච්.අයි.වී. සහ ක්ෂයරෝගය වැනි බෝ වන රෝග පාලනය කිරීම සඳහා ගෙන ඇති පියවර ද ඊට හේතුවක් ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත්, අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යාමේ අවදානමක් පවතිනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකළ අධ්‍යයනයකට අනුව ගෝලීය වසංගතයේ ප්‍රථම වසර තුළ අප්‍රිකානු කලාපයේ මිලියන 29 සිට 44 දක්වා ජනතාවට වෛරසය ආසාදනය විය හැකියි.

එමෙන්ම, ඉන් 83,000 සිට එක්ලක්ෂ 90,000 දක්වා පිරිසක් මිය යා හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ.

එමගින් මෙම අනතුරු ඇගවීම කළේ අප්‍රිකාවේ ජනාකීර්ණතම රට වන නයිජීරියාව මෙන්ම දකුණු අප්‍රිකාව සහ අයිවරිකෝස්ට් යන රාජ්‍යයන් කොරෝනා වෛරස් නිරෝධායන පියවර ලිහිල් කිරීමට පියවර ගනිද්දියි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top