11න් පසු හැඳුනුම්පතේ ක්‍රමවේදය අනුගමනය කරන්න
Saturday, 09 May 2020 - 8:25 | Views - 1,728
ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේදී ජාතික හැඳුනුම්පතේ අවසාන අංක අනුව බැහැරව යාමේ ක්‍රමවේදයට පිටින් ක්රියාකලහොත් ඇඳීරි නීතිය කඩ කළාසේ කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
දැනට දිවයින පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක වන අතර එළඹෙන අනිද්දා පෙරවරු 5 ට එය ලිහිල් කිරීමට නියමිතයි.
මේ අතර, රජය විසින් මීට පෙර දැනුම් දුන් ආකාරයට ජාතික හැඳුනුම්පතේ අවසාන අංකයට අනුව බැහැරව යාමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වන්නේ ද අනිද්දා දිනයේයි.
ඒ අනුව, සතියේ දින 5 සඳහා ජාතික හැඳුනුම්පතේ අවසන් අංක මත නිවසින් බැහැරව යාමට අවස්ථාව හිමිවනවා.
කෙසේ වෙතත්, එම ක්‍රමවේදය අනුගමනය නොකරන පුද්ගලයන්ට ද ඇඳිරි නීතිය කඩ කළාසේ කටයුතු කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
Share This Article