පියා සමඟ නීතිවිරෝධි මත්පැන් වහලෙන් බාද්දි පොලිසිය දැක ගඟට පැන්න පුතාට සිදු වූ දේ
Saturday, 09 May 2020 - 7:50 | Views - 560
ඇඳිරි නීතිය මුවාවෙන් නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය කළ පිය පුතු දෙදෙනා යබරලුව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කැලණි ගඟට යාබද පිහිටි නිවසක වහලයක් මත සගවා තිබු මත්පැන් 35 ක් ද පොලිසිය විසින් සොයාගෙන ඇති බව ද සදහන්.
පෙරවරුවේ මෙම පිය පුතුන් දෙදෙනා, අදාළ බෝතල් තොගය බිමට බාමින් සිටියදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.
ජංගම මුර සංචාරයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙකු වහලය මත තිබු පොලිතින් උරයක් බිමටබාන අයුරු දැක සැක සිතා එය පරීක්ෂා කර තිබුණා.
එම අවස්ථාවේදී වහලය මත සිටි පුතා කැලණි ගඟට පැන පළා යාමට උත්සහ කර ඇ.ි අතර අනතුරුව පොලිසිය විසින් ඔහු ද පොලිස් අත්අඩංගුවට පත් වුණා.
සැකකරුවන් දෙපළ මහර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Share This Article