මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ ගණන 835 දක්වා ඉහළට
Saturday, 09 May 2020 - 7:16 | Views - 891
අවසන් වශයෙන් වාර්තා වූ කොයිඩ් -19 ආසාදිතයන් 11 දෙනා වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයන් බව යුද හමුදාපති, ශවේන්ද්‍ර සිල්වා තහවුරු කළා.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 835ක්.
මේ වන විට හඳුනාගෙන ආසාදිතයන් අතුරින් 575ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.
සුවය ලැබූ 240ක් රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මෙරටින් මරණ 9ක් ද වාර්තා වුනා.
Share This Article