ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටී තිදෙනෙකු රෝහලේ
Saturday, 09 May 2020 - 7:15 | Views - 913
මුලතිව්,මාන්කුලම ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
ඊයේ (08) සවස මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සදහන් කළේ.
අනුරාධපුර සිට කිලිනොච්චිය දක්වා ගමන් කළ වෑන් රථයක් හා කිලිනොච්චිය දෙස සිට වවුනියාව දෙසට පැමිණි ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය කියා සිටියේ.
අනතුර සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
Share This Article