වෙසක් පොහොය දා සැරසිලි, සැමරුම් අවශ්‍යම ද? -[Video]
Friday, 08 May 2020 - 20:02 | Views - 818

සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. 8වන වරට ඉදිරිපත් කරන ඔන්ලයින් තොරණ සමස්ත ලෝකවාසීන්ට දැකබලා ගැනීමට මෙවරත් අවස්ථාව හිමිවනවා."ස්වර්ණ මයුර" ජාතක කතාව තේමා කරගත් ඔන්ලයින් තොරණ www.hirufm.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලොව ඕනෑම තැනක සිට නැරඹිය හැකියි. බෝසතානන් වහන්සේ එක්තරා ආත්මභවයක ස්වර්ණ වර්ණ මොණරෙක්ව ඉපිද තෙරුවන් ගුණ සිහිකර සියලු වසංගත රෝගවලින් ආරක්ෂාවීම මෙම ජාතක කතාවේ කතා වස්තුවයි.
මේ අතර www.hirutv.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ගංගාරාම විහාර පරිශ්‍රයේ ඉදිවූ හිරු බුද්ධ රශ්මි වර්චුවල් වෙසක් කලාපයට පිවිසීමට ඔබට අවස්ථාව හිමිවනවා.
වර්චුවල් වෙසක් කලාපයේ සුවිශේෂිම අංගය වන ධර්ම සාකච්ඡාමය වැඩසටහන කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරවාසි ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් විසින් ඊයේ දිනයේ පවත්වනු ලැබුවා. එහිදි සාකච්ඡාවට බඳුන් වූයේ වෙසක් පොහොය දා සැරසිලි, සැමරුම් අවශ්‍යම ද? යන්නයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්චුවල් වෙසක් කලාපය වන මෙහි වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු සහ වෙසක් නිර්මාණ රැසක් අන්තර්ගතයි.
වෙසක් පොහෝදා සිට ලබන 12 වැනිදා දක්වා වර්චුවල් වෙසක් කලාපය නැරඹීමට ඔබට අවස්ථාව හිමිවෙයි.
online තොරණ සහ virtual වෙසක් කලාපය නැරඹීමට මෙතනින් පිවිසෙන්න
Share This Article