කොරෝනා වෛරසය ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයන් ගණන 390ක්
Friday, 08 May 2020 - 18:04 | Views - 740
නාවික හමුදා සාමාජිකයන් 390 දෙනෙකුට මේවන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පවසනවා.
ඉන් 308 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුර තුලින් සහ 82ක් ඉන් පිටතදී හඳුනාගෙන ඇති බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවෙන් මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූවන් 824ක් හමුවී තිබෙනවා.
ඉන් 575 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවන අතර ප්රතිකාරවලින් අනතුරුව සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 240ක්.
මෙරටින් කොරෝනා වෛරස් ආසාදිත මරණ 9ක් වාර්තාවුනා.
Share This Article