සමලිංගික යුවළ ගමන්කළ මෝටර් රථයෙන් සති තුනකට පසු රටම බය කරමින් හමුවූ දේ
Friday, 08 May 2020 - 15:32 | Views - 770
සති තුනකට පෙර අතුරුදහන් වූ අලුත විවාහ වූ සමලිංගික යුවළකට අයත් මෝටර් රථයක් තුළ තිබී දිරාපත් වූ මළසිරුරු දෙකක් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම මෝටර් රථය හමුවී ඇත්තේ, එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා ප්‍රදේශයෙන්.
 
දිරාපත් සිරුරු දෙකම හඳුනාගත නොහැකි මට්ටමට පැමිණ ඇති අතර එහි අනන්‍යතාවය තවමත් තහවුරු වී නොමැති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
 
මෙම සිරුරු මෙම යුවළගේ ඒවාම බවට නිශ්චිත සඳහනක් මේ වනවිටත් නැහැ.
 
කෙසේ වෙතත්, 911 හදිසි ඇමතුම් අංකයට ඇමතූ අයෙකු අධික වේගයකින් ගොස් තාප්පයක ගැටුණු මෝටර් රථයක් පිළිබඳව පොලිසියට දැනුම් දී ඇති අතර පොලිසියට ඒ ගැන කිසිදු සලකුණක් සොයාගත හැකිව නැහැ.
 
පොලිසිය දැන් සැක කරන්නේ එම ඇමතුම මෙම අනතුර හා සම්බන්ධ බවයි.
 
මෙම යුවළ අප්‍රේල් මස 19 වැනිදා සිට ආගිය අතක් නොමැති බවයි පොලිසියට වාර්තා වී තිබුණේ.
 
ඉන් පසු දින හතරකට පසු ඔවුන් සමඟ සිටි නේවාසික මිතුරෙකු ද අතුරුදහන්ව ඇති බව වාර්තා වනවා.
 
කෙසේ වෙතත්, ඔවුන්ගේ අතුරුදහන් වීමට හේතුවක් සොයා ගැනීමට පොලිසිය අපොහොසත් වී ඇති අතර ඔවුන් විසින් තම බඩුබාහිරදිය නිවසේම තබා තිබීම අසාමාන්‍ය බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.
 
මෑතකදී විවාහ ගිවිසගත් මෙම යුවළ එකිනෙකාව බොහෝ කලක් දැන නොසිටි බවත්, ඔවුන් අතුරුදහන් වීමට සතියකට පෙර මෙම මහල් නිවාසයේ වාසය කර ඇති බවත් මිතුරන් පවසනවා.
 
මෙම යුවළගේ අතුරුදන්වීම පිළිබඳව විමර්ශනය කිරීම ප්‍රමාද වීම හේතුවෙන් යුවළගේ පවුලේ පිරිස් දැඩි කෝපයෙන් පසුවන බවයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
 
Dailymail ඇසුරිනි.
 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top