ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප් ලාභීන්ට 5000 දීමනාව ගෙවීම තැපැල් කාර්යාල 4200කදී
Friday, 08 May 2020 - 14:50 | Views - 808
සියලුම ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප්ලාභීන් සඳහා මැයි මාසයට අදාළ රුපියල් පන්දහසේ දීමනාව ලබාදීම තැපැල් කාර්යාල 4200කදී සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව ලබන සඳුදා (11) සිට සිකුරාදා (15) දක්වා ඒවා ලබාගැනීමට හැකියාව පවතින බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේ.
ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප්ලාභීන් එක්ලක්ෂ හැට දෙදහසකට සහ ධීවර විශ්‍රාම වැටුප්ලාභීන් හාරදහස් නවසිහ හත් දෙනෙකුට රුපියල් මිලියන 831ක පමණ මුදලක් මැයි මාසය සඳහා බෙදා දීමට සැලසුම් කර තිබෙනවා.
ඔවුන්ට රුපියල් පන්දහසේ දීමනාව ගෙවීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට තැපැල්පතිවරයාගේ විශේෂ අනුග්‍රහය යටතේ තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු සුදානම් කර ඇතැයි ද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කළා.
Share This Article