කොරෝනා ඇවිත් මාස නවයකට ආසන්න කාලයේදී බිලිඳුන් කෝටි 11.6 ක් උපදින බවට අනාවැකියක්
Friday, 08 May 2020 - 14:46 | Views - 1,515
ලෝක සෞඛ්‍ය සංවිධානය ‘කොවිඩ්-19’ වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එළැඹෙන මාස නවයකට ආසන්න කාලයේදී බිලිඳුන් මිලියන 116 (කෝටි 11.6 ක්) උපදිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) සකස් කරන ලද නවතම වාර්තාවකින් ඒ බව අනාවරණය වී ඇත.
මාස 9 ක් ඇතුළත දරුවන් මිලියන 116 ක් උපත ලබන බවට ඇස්තමේන්තු කර ඇතත් එම කාලය ඇතුළතදී කොරෝනා වසංගතය තුරන් වන බවට කිසිම ආකාරයේ තක්සේරුවක් මෙතෙක් කර නැත.
චීනයෙන් හුබෙයි පළාතේ වූහාන් නරගයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් බව කියන නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ලොව රටවල් රැසක් රටම වසා දැමීමේ ‘ලොක්ඩවුන්’ සීමා පනවන ලදි. ඇතැම් රටවල් ඇඳිරි නීතිය ඇතුළු දැඩි සීමා පැනවීය.
Share This Article