රාජ්‍ය සේවකයින්ගේ වැටුප ලබාදිය යුත්තේ කැමැත්තෙන් පමණයි
Friday, 08 May 2020 - 13:51 | Views - 932
රාජ්‍ය සේවකයින්ගේ මැයි මස වැටුපෙන් කොටසක් වැන්දඹු හා අනත්දරු අරමුදලට බැර කරන ලෙසට ජනාධිපති ලේකම්, ආචාර්ය පී.බී.ජයසුන්දර රාජ්‍ය සේවකයින්ගෙන් කළ ඉල්ලීමට ඇතැම් පාර්ශව එල්ල කරන චෝදනා පදනම් විරහිත බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රට මුහුණ දී ඇති තත්ත්වය හමුවේ ජනාධිපති ලේකම්වරයා වශයෙන් ඔහුට රාජ්‍ය නිලධාරීන්ගෙන් එලෙස ඉල්ලීමක් සිදුකිරීමට හැකියාව පවතින බවයි.
Share This Article